Thursday, October 10, 2019

අසංතතික


ආදරය ඇති
ආදරය නැති.....

විරහව ඇති
විරහව නැති......

ගැඹුරක් ඇති
ගැඹුරක් නැති.....

සිතින් ලංවන
ගතින් ඈත්වන.....

ගතින් ලඟ විට
සිතින් ඈත්වන.....

හඳුනා ගත්
හඳුනා නොගත්.....

 ඇතිවෙමින්
නැතිවෙමින්.....

ගලායන
මේ බැඳීමට
මම කැමතියි.....

එය අනන්තයටම නොගොස් Neutral axis එක                                        වටාම
                              දෝලනය වන නිසා.....

මම නැති තැන


තමාට
තමා
අහිමි කරගත හැකි
ක්‍රම
දෙකකි...



1. නිර්වානය







2. විවාහය